2022 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සදහා වන අනුමැතිය මෙම මස අගදී ලැබෙනු ඇති බව වාර්තා වනවා.

මෙවර පාකිස්තානයේ දී පැවැත්වීමට යෝජිත වූ ආසියානු කුසලාන තරගාවලිය මෙරට දී පැවැත්වීම සදහා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකගතාවයකට එළඹුණේ නිමා වූ ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී යි.

කෙසේ වෙතත්, ඒ සදහා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටුවේ අනුමැතිය අවශය වන අතර, එය මෙම මස අගදී ලැබෙනු ඇති බව සදහන්.

අදාළ තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන්නේනම් 2022 වසරේ මෙරට දී පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය වෙත පිරිනැමෙනු ඇති.

පාකිස්තානය සත්කාරකත්වය දරන්නේ නම් ඉන්දියාව තරගාවලියට එක් නොවීමට ගෙන ඇති තීරණය ද මෙලෙස ආසියානු කුසලාන තරගාවලි ද්විත්වය (2020 සහ 2022) හුවමාරු කර ගැනීමට ප්‍රබල ලෙස හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් පවතින සංචාරක සීමාවන් ද සැලකීමේ දී සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය මෙරට දී ද පැවැත්විය හැකි වනු ඇත්දැයි ප්‍රශ්නාර්ථයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...