කොරෝනා වසංගතය මධ්‍යයේ මුම්බායි ඉන්දියන්ස් පුහුණුවීම් අරඹයි

Date:

ඉන්දියාව තුළ කොරෝනා වෛරසය වර්ධනය වන තත්ත්වයක් උත්ගතව තිබියදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ Ghansoliහි ක්‍රීඩාංගනයකදී ඔවුන් මෙලෙස පුහුණුවීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව මෙම පුහුණු කටයුතු ආරම්භ කර ඇති බව සදහන්.

රට වසා දැමීමේ (ලොක්ඩවුන්) නීති රීති ලිහිල් කරමින් ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගන තුළ පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා අවසර ලබා දීමෙන් පසුව පුහුණුවීම් කටයුතු ආරම්භ කළ පළමු කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි.

එම ප්‍රාන්තයෙන් මේ වන විට ආසාදිතයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 3500කට අධිකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...