ඉන්දීය කාන්තා කණ්ඩායම යළි ටෙස්ට් පිටියට

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායම මෙම වසර අවසානයේ දී යළිත් ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ෂාහ් අද (8) නිවේදනය කළා.

ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබුණේ මීට වසර 6කට පෙරයි.

2014 වසරේ නොවැම්බර් මාසයේ දී ඔවුන් අදාළ ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

ඉන් අනතුරුව මේ දක්වා කාන්තා අංශයෙන් පවත්වා ඇත්තේ ටෙස්ට් තරග 3ක් පමණයි.

එම තරග තුනම එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරයි පැවැත්වුණේ.

ඉන්දියාව සහ එංගලන්තය අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා තිබුණේ 2014 වසරේ අගෝස්තු මාසයේ දී යි.

එම තරගයෙන් ඉන්දියාව කඩුලු 6ක ජයක් වාර්තා කළා.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 13ක් පවත්වා ඇති අතර, ඉන් තරග 2ක් ඉන්දියාවද, එක් තරගයක් එංගලන්තය ද ජය ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...