මැද ඉන්න ගැළවූ කුලසේකරගේ සුපිරි පන්දුව

Date:

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නන් අතර චමින්ද වාස්, ලසිත් මාලිංග සහ නුවන් කුලසේකරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

ඒ අතරින් චමින්ද වාස් යනු ලෝක ක්‍රිකට් ඉතිහාසයේම බිහි වූ පන්දුව හොදින් දෝලනය කළ සුපිරි වේග පන්දු යවන්නෙක් බව නොරහසක්.

ඔහුගෙන් පසුව මෙරටින් බිහි වූ පන්දුව මනා ලෙස දෝලනය කළ හැකි විශිෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස නුවන් කුලසේකර හැදින්විය හැකියි.

ඔහු එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ද කලක් සමත් වීම එය මොනවට පැහැදිලි කරනවා.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන Road Safety World Series තරගාවලියේ දී යළිත් ඔහුගේ දක්ෂතා නැරඹීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට මේ වන විට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ අනුව අද(8) දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරන කුලසේකර විසින් පිතිකරුවා වෙතට දෝලනය කළ සුපිරි පන්දුවක් යොමු කරමින් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින් කඩුල්ලක් දවා ගැනීමට සමත් වීම මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඔහු විසින් දවා ගනු ලැබුවේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භ පිතිකරු Loots Bosman ගේ කඩුල්ලයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...