පන්දු යවන්නන්ගේ දක්ෂතා සහ ඩිල්ෂාන්ගේ අර්ධ ශතකය හමුවේ ශ්‍රී ලංකාවට පහසු ජයක්

Date:

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහනය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9කින් ජය වාර්තා කිරීමත් සමගයි.

රායිපූර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

Andrew Puttick ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර, රංගන හේරත් සහ සනත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 13.2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 40කින් නොදැවී ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 7ක් ද සමගින්.

සනත් ජයසූරිය ලකුණු 8කට දැවී ගිය අතර, උපුල් තරංග නොදැවී ලකුණු 27යි.

මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත්වුණේ ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින්.

එහි පෙරමුණේ පසුවන ඉන්දියාව ද ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට වැඩි අවස්ථාවක් උදා වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...