සිම්බාබ්වේ ක්‍රීඩකයින් කොරෝනා පරීක්ෂාවකට

Date:

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් කොරෝනා වෛරසය පිළිබද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ලබන 15 වනදා ඔවුන් සදහා පුහුණුවීම් කටයුතු යළි ආරම්භ කිරීමට ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව එම වෛද්‍ය පරීක්ණෂයෙන් සමත්වන ක්‍රීඩකයින් පමණක් ලබන සදුදා සිට පුහුණු කටයුතු සදහා එක් වනු ඇති.

පුහුණුව ආරම්භ කිරීමට නියමිතව ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 33ක්.

ක්‍රීඩකයින් තමන් නියෝජනය කරන පළාත්වල සිට මෙම පුහුණු කටයුතු ආරම්භ කරනු ඇති.

සිම්බාබ්වේ කණ්ඩායම, ඇෆ්ඝනිස්තානට සහ ඉන්දියාවට එරෙහිව ජූලි සහ අගෝස්තු මාසවලදී සීමිත පන්දුවාර තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, රජයේ අනුමැතිය සහ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී එම තරගාවලි සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...