“මාස දෙකක් ඇති නිසා ශ්‍රී ලංකා සංචාරය ගැන දැන්ම කිසිවක් කියන්න බෑ” ඉන්දීය ක්‍රිකට්

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සිදු කළ හැකි ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා තවදුරටත් අවධානයෙන් බලා සිටීමට සිදු වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම මාසයේ දී ඉන්දීය කණ්ඩායම මෙරට සංචාරය කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වංසගත තත්ත්වය හේතුවෙන් එය අගෝස්තු මාසය දක්වා කල් දැමෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

IANS වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු සදහන් කර ඇත්තේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවය වන බැවින් රජය විසින් නිකුත් කරන මාර්ගෝපදේශනයන්ට අනුකූලව තරගාවලිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තරගාවලිය සදහා මාස දෙකක පමණ කාලයක් පවතින බැවින් එය නිසි පරිදි සිදු වේදැයි යන්න මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව ද හෙතෙම කියා සිටියා.

ඒ අනුව තවමත් තරග සංචාරය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු පවසා ඇත්තේ.

‘The Island’ පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණේ මෙම තරගාවලිය අගෝස්තු මාසයේ දී පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බවටයි.

40%ක පමණ ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව තරග පැවැත්වීම කෙරෙහි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව සදහන්.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...