ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තාවකාලිකව අවලංගු කෙරේ

Date:

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නියමිත පරිදි මෙම මාසයේ දී සිදු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා.

කොරෝනා වෛරසයත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් හේතුවෙන් මෙම සංචාරය නියමිත පරිදි සිදු කළ නොහැකි බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර ඒ සදහා ඉන්දීය රජයේ සහ සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් ලබා ගත යුතු බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ තරගාවලි අගෝස්තු මාසයේ දී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතනයවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලි අගෝස්තු මාසයේ දී පැවැත්වීමටනම් ඒ සදහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජය වෙත ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුවම සහතිකයක් ලබා දීමට සිදු වන බව ද සදහන්.

මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළග තරගාවලිය බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියක් වන නමුත්, එම තරගාවලිය සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ද මෙතෙක් සුබවාදී ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...