ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සභාපතිධූරය සදහා නාමයෝජනා භාර දී ඇත්තේ වත්මන් සභාපති ශම්මි සිල්වා, කේ මතිවානන්, ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා යන මහත්වරුන්.

උප සභාපතිධූර සදහා රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, චන්ද්‍රෙස්කර දොඩංවල, බන්දුල දිසානායක සහ බන්දුල වර්ණපුර යන මහත්වරුන් තරග කරන බවයි නිළවරණ කමිටුව සදහන් කර ඇත්තේ.

ලේකම් ධූරය සදහා මොහාන් ද සිල්වා, නලීන් අපොන්සු, බන්දුල දිසානායක සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් තරග කරනු ඇති.

ක්‍රිෂාන්ත කපුවත්ත, බන්දුල දිසානායක, ශම්මි ගුණසේකර, සුජීව ගොඩලියද්ද යන මහත්වරුන් තරග වදින්නේ උප ලේකම් ධූරය සදහා යි.

භාණ්ඩාගාරික ධූරය සදහා ලසන්ත වික්‍රමසිංහ මහතා සහ සුජීව ගොඩලියද්ද මහතා තරග කරන අතර, උප භාණ්ඩාගාරික ධූරය සදහා සුජීව ගොඩලියද්ද සහ සංජීව කුමාර තරග වදිනවා.

විරෝධතා ඉදිරිපත් වීමෙන් පසුව තමන් සහාය දක්වන පාර්ශවයේ යම් අපේක්ෂකයෙකු නිළවරණය සදහා නුසුදුසු අයෙකු ලෙස තීරණය වුවහොත්, එම පුරප්පාඩුව පිරවීමේ අරමුණිනුයි ඇතැම් පුද්ගලයින් තනතුරු කිහිපයකටම නාමයෝජනා භාර දී ඇත්තේ.

ඒ අනුව මෙහි ප්‍රධාන සටන පවතින්නේ ශම්මි සිල්වා පාර්ශවය සහ කේ මතිවානන් පර්ශවය අතරයි.

කෙසේ වෙතත්, නාමයෝජනා භාර ගැනීම අවසන් වූ පසුගිය 18 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධූරය සඳහා නාම යෝජනා භාර දුන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත්ව නැහැ.

ඉදිරි වසර දෙක සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් පත් කර ගැනීමේ නිලවරණය මැයි 20 වැනිදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...