නවසීලන්තයට තියුණු ජයක් – Match Report

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(25) සමත් වුණා.

ඩුනේඩින්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 219ක් රැස් කරමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මාර්ටින් ගප්ටිල් පන්දු 50කින් වේගවත් ලකුණු 97ක් රැස් කළේ හයේ පහර 8ක් ද ඉනිමට ඇතුළත් කරමින්.

කේන් විලියම්සන් ලකුණු 53ක් ලබා ගත් අතර, ජේම්ස් නීෂම් පන්දු 16කින් වේගවත් ලකුණු 45ක් නොදැවී ලබා ගත්තා.

නීෂම්ගේ ඉනිම හයේ පහර 6කින් වර්ණවත් වී තිබුණා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් කඩුලු 3ක් දවා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 43ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින්.

මර්කස් ස්ටොයිනිස් ලකුණු 78ක්, ජොෂ් පිලිපී ලකුණු 45ක් සහ ඩැනියල් සෑම්ස් ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් කඩුලු4ක් බිද හෙලූ අතර, ජේම්ස් නීෂම් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ මාර්ටින් ගප්ටිල්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...