දින දෙකෙන් ඉන්දියාවට කඩුලු 10ක ජයක් – Match Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

අහ්මදාබාද්හි දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගය දින දෙකක් තුළ දී අවසන් වීම විශේෂත්වයක්.

තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට දෙවැනි ඉනිමේ දී ලකුණු 49ක ඉලක්කයක් හිමි වූ අතර, එය ඔවුන් කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර ගියා.

රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 25ක් සහ ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 15ක් රැස් කළා.

තරගයේ දෙවැනි දිනය වූ අද(25) දිනය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 145කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

රෝහිට් ෂර්මා ලකුණු 66ක් ලබා ගත් අතර, නායක විරාට් කෝලි ලකුණු 27කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ දක්ෂතාවයක් දැක් වූ නායක ජෝ රූට් ලකුණු 8කට කඩුලු 5ක් බිද හෙලූ අතර, එලෙස ඔහු විසින් කඩුලු 5ක් දවා ගනු ලැබුවේ සිය ටෙස්ට් දිවියේ පළමු වරටයි.

ජැක් ලීච් කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් වුණා.

අනතුරුව තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 81ක් පමණයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 25ක් සහ නායක ජෝ රූට් ලකුණු 19ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 32කට කඩුලු 5ක් බිද හෙලූ අතර, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තා.

දිවා රාත්‍රී තරගයක් ලෙස අහ්මදාබාද්හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

සැක් ක්‍රව්ලි ලකුණු 53ක් රැස් කළ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අක්සාර් පටෙල් කඩුලු 6ක් බිද හෙලුවා.

ඒ අනුව තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වනවිට තරග 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...