එංගලන්තය අවසන් තරගයෙන් ඉවතට – ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව තවදුරටත් සටනේ

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට අහිමි වී තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එංගලන්තය කඩුලු 10ක පරජයක් ලැබීමත් සමගයි.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් එංගලන්ත කණ්ඩායමට ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට ටෙස්ට් තරගාවලියේ තරග 3ක් අවසන්ව ඇති අතර, ඉන්දියාව තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමටයි සමත්ව ඇත්තේ.

ඒ අනුව තරගාවලිය ජය ගැනීමේ බලාපොරොත්තු එංගලන්තයට අතහැර දැමීමට සිදුව ඇති නමුත්, ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව තවදුරටත් විවෘතව පවතිනවා.

ඒ අනුව ඔවුන් දෙරට අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් තරගය ජයග්‍රහනය කිරීම හෝ ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම තුළින් අවසන් මහා තරගයට නවසීලන්තය සමගින් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇති.

කෙසේ වෙතත්, ඉන්දියාව සිව්වැනි ටෙස්ට් තරගය පරාජයට පත් වුවහොත් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමටයි.

ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...