දසුන්ගේ ගමන් බලපත්‍රය නැති වෙයි – කොදෙව් සංචාරයට පිටව යාමටත් නොහැකි වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කළ දසුන් ශානක කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග කොදෙව් තරග සංචාරයට එක් නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ඔහුට සංචාරය සදහා සහභාගී වීමට නොහැකි වූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථාන ගත වීම හේතුවෙන් මෙම ගැටලුව හට ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත්, කඩිනමින් මෙම ගැටලුව විසදා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, දසුන් ශානක නුදුරේදී ම කණ්ඩායම සමග එක්වනු ඇති බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කොදෙව් දේශය බලා පිටත්ව ගියේ තරග 3 බැගින් යුත් 20යි 20 සහ එක්දින තරගාවලි සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින්.

අනතුරුව දෙරට අතර ටෙස්ට් තරග දෙකක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...