“හෙට අනිත් අයත් මෙහෙම ඉල්ලුවොත් මොකද කරන්නේ” වාස්ගේ ඉල්ලා අස්වීම ගැන ඇමති නාමල් කනගාටුවෙන්

Date:

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කෙරුණු චමින්ද වාස් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සාධාරණීය කිරීමට හෝ විවේචනය කිරීමට තමා කටයුතු නොකරන නමුත්, එම සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත් වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොදෙව් සංචාරය සදහා පිටත්ව යාමට පැය කිහිපයකට පෙර වැඩි මුදලක් ඉල්ලමින් එය ලබා නොදෙන්නේනම් ධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ක්‍රීඩකයින්, ක්‍රිකට් ආයතන නිළධාරීන් පමණක් නොව පුහුණුකරුවන් ද විනයානුකූලව හැසිරීම වැදගත් බව නාමල් රාජපක්ෂ මහතාගේ අදහසයි.

චමින්ද වාස් ඉදිරියේ දී පූර්ණකාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබූ බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

එවැනි පුහුණුකරුවෙකු අහිමි වීම ගැන කනගාටු වන නමුත්, වැටුප් සහ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ක්‍රමවේදයක් පවතින බව ක්‍රීඩා අමාත්‍යරවයා අවධාරණය කර සිටියා.

“සංචාරයක් යන්න පැය 3කට කලින් ඇවිල්ලා මට මේක දුන්නෙ නැත්නම් මම යන්නේ නෑ කියලා ඩිමාන්ඩ් එක දැම්මොත් ගරු මන්ත්‍රීතුමනි හෙට අනිත් පුහුණුරුවෝ ඒ කාරණය කෙරුවොත් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ. හෙට ක්‍රිකට් ක්‍රීඩකයො ඒ විදිහට මුහුණ දෙන්න ගියොත් අපි කොහොමද මේ කාරණයට මුහුණ දෙන්නේ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් සදහන් කළා.

“ලක්ෂ හතහමාරක මුදලක් ගෙවන්න එකග වෙලා තියෙනවා මේ සංචාරයට පමණක්. ක්‍රිකට් පාලක මණ්ඩලය ගිවිසුම් ප්‍රකාරව යනකොට ඒ ගිවිසුමට අමතරව ටුවර් ෆී (සංචාරක ගාස්තු) එකක් තියෙනවා. ඒ ටුවර් ෆී එකට අමතරව තමයි ගරු මන්ත්‍රීතුමනි මේ  ලක්ෂ හතහමාර ගෙවන්න ක්‍රිකට් පාලක මණ්ඩලය එකග වෙලා තියෙන්නේ. හැබැයි කෙසේ වෙතත්, චමින්ද වාස් මැතිතුමන් ඒ ලක්ෂ හතහමාරට එකග වෙලා නෑ. එතුමා ඉල්ලා අස්වීම දීලා තියෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...