20යි 20 නායකත්වය දසුන්ට – ක්‍රිකට් ආයතනය තහවුරු කරයි

Date:

ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(22) තහවුරු කළා.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේ.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන නමුත්, එළඹෙන කොදෙව් තරග සංචාරයට ඔහු එක් වන්නේ නැහැ.

කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණු බව අප මීට පෙර ඔබට තොරුතුරු වාර්තා කළා.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න සුපුරුදු පරිදි කටයුතු කරන බවට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්ව තිබුණ ද 20යි 20 කණ්ඩායමේ නායකයා කවුරුන් ද යන්න එහි සදහන්ව තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කර ඇති බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මීට පෙර දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක ද නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාව තරග 3-0ක් ලෙස ජය වාර්තා කළා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේ දසුන් ශානක.

එහිදී ද සැලකිය යුතු දක්ෂතාවයක් දසුන් ශානක සහ ඔහුගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම පෙන්නුම් කරනු දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...