වසර 14 ක IPL ඉතිහාසයේ වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයන් 6 න් 3 ක් මේ වසරේ

Date:

ලොව දැවැන්තම ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දිය ප්‍රිමියර් ලීගය මෙම වසරේදිත් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට දින නියමව පවතිනවා.

සමස්ත තරගාවලීයේ ගුණාත්මක භාවය මෙන්ම තරගකාරීත්වය හා ප්‍රේක්ෂක ආකර්ෂණය වෙනුවෙන් කණ්ඩායම් හිමිකාරිත්වය, පරිපාලනය මෙන්ම ආයෝජකයන් යොදවන මුදල් ප්‍රමාණය නම් කිසිසේත්ම සුලුපටු නොවේ.

එම නිසාවෙන් ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාකරන ක්‍රීඩකයන්ට ක්‍රීඩක වෙන්දේසියේදී මෙන්ම තරග ගාස්තු ලෙස ද හිමිවන මුදල ඉතා විශාල අගයක් ගන්නවා.

2021 අයි.පී.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (18) දිනයේදී පැවති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප මීට පෙර ඔබට වාර්තා කළා.

මෙම වෙන්දේසියේ දී මිල අධිකම ලංසුවකට යටත්වූ ක්‍රීඩකයන් තිදෙනා වසර 14 ක ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ මිල අධිකම ලංසුවකට උරුමකම් කියූ ක්‍රීඩකයන් හයදෙනා අතරට එකතුවීමට සමත්වීම ද විශේෂත්වයක් වන අතර, මේ ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක්.

ඒ අනුව වසර 14 අයි.පී.එල් ඉතිහාසයේ මිල අධිකම ලංසුවකට උරුමකම් කියූ ක්‍රීඩකයන් හයදෙනා වාර්තා වන්නේ මේ ආකාරයෙන්.

06. ග්ලේන් මැක්ස්වෙල් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (2021)
හිමිවූ ලංසුව ඉන්දිය රුපියල් කෝටී 14.25 ක්. එය ශ්‍රී ලංකා මුදලින් කෝටී 38.59 ක පමණ අගයක්. (මෙම ලේඛණයේ දැක්වෙන ශ්‍රී ලංකා මුදලින් යන අගය වර්ථමාන රුපියලේ අගය මත ගණනය කළ අගයන් බව කරුණාවෙන් සලකන්න)

05. බෙන් ස්ටොක්ස් – රයිසින් පූනේ සුපර්ජයින්ට් (2017)
හිමිවූ ලංසුව ඉන්දීය රුපියල් කෝටී 14.50 ක්. ශ්‍රී ලංකා මුදලින් එය කෝටී 39.27 ක පමණ අගයක්.

04. පැට් කමින්ස් – කොල්කටා නයිට් රයිඩර්ස් (2020)
හිමිවූ ලංසුව ඉන්දිය රුපියල් කෝටි 15.5 ක්. ශ්‍රී ලංකා මුදලින් එය කෝටි 41.98 ක පමණ අගයක්.

03. ක්යිල් ජමිසන් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (2021)
හිමිවූ ලංසුව ඉන්දිය රුපියල් කෝටි 15 ක්. ශ්‍රී ලංකා මුදලින් එය කෝටි 40.62 ක පමණ අගයක්.

02. යුවරාජ් සිං – දිල්ලි ඩෙයාඩෙවිල්ස් (2015)
හිමිවූ ලංසුව ඉන්දිය රුපියල් කෝටි 16 ක්. ශ්‍රී ලංකා මුදලින් එය කෝටි 43.33 ක පමණ අගයක්.

01. ක්‍රිස් මොරිස් – රාජස්ථාන් රෝයල්ස් (2021)
හිමිවූ ලංසුක ඉන්දිය රුපියල් කෝටී 16.25 ක්. එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 44.01 ක පමණ අගයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...