ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

Date:

මෙතෙක් පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සදහා කිංග්ස් ඉලවන් පන්ජාබ් යන නමින් තරග වැදුණු බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා සම හිමිකාරීත්වය දරන පංජාබ් කණ්ඩායම මෙම වසරේ සිට පන්ජාබ් කිංග්ස් යන නමින් හදුන්වන බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

මෙවර චෙන්නායි හී දී පැවැති ක්‍රීඩක වෙන්දේසිය සදහා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ද එක් වූ අතර, කණ්ඩායම් හිමිකාරීත්වය නියෝජනය කරමින් ප්‍රීටි සින්ටා ද එක්ව සිටිනු දක්නට ලැබුණා.

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන බොලිවුඩ් සුපිරි නලු ශාරුක් ඛාන්ගේ නමින් හදුන්වනු ලැබූ ක්‍රීඩකයෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමයි.

25 හැවිරිදි ශාරුක් ඛාන් තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුව මිලදී ගැනීමට සුපිරි නලු ශාරුක් ඛාන්ගේ බොලිවුඩ් පෙම්වතිය වූ ප්‍රීටි සින්ටා නම් දෙවරක් සිතුවේ නැහැ.

ඇය ප්‍රමුඛ පන්ජාබ් කණ්ඩායම විසින් ශාරුක් ඛාන් මිලදී ගැනීම සදහා ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලක් වැය කරනු ලැබුවා.

වෙන්දේසියේ දී පන්ජාබ් කණ්ඩායම විසින් ශාරුක් ඛාන්ව මිලදී ගත් බවට සනාථ වීමත් සමග ඔහු වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළ ප්‍රීටි සින්ටා දැක් වූ සිනහමුසු ප්‍රතිචාරය මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...