IPL නිසා ශකිබ් ශ්‍රී ලංකාවට එන්න බෑ කියයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසාන් එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන්.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ ඊයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී ශකිබ් අල් හසාන්ව එම කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 3.2ක මුදලකට මිලදී ගැනීමත් සමගයි.

මීට පෙර ද ඔහු කොල්කටා කණ්ඩායම වෙනුවෙන් 2011 සහ 2017 වසර අතර කාලයේ දී ක්‍රීඩා කළා.

“ඔහුට අයි.පී.එල් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිසා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කර තිබුණා.” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් සදහන් කළා.

“ජාතික කණ්ඩායමට ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමට උනන්දුවක් නොදක්වන අයෙකු ඒ සදහා පෙළඹවීමට උත්සාහ කිරීම තෙරුමක් නැති නිසා අපි ඔහුට අවසර ලබා දුන්නා ”

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා ද පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ශකිබ් අල් හසාන් ක්‍රීඩා කරන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...