චමින්ද වාස්ගේ පත්වීම ස්ථීර වෙයි – ශ්‍රී ලංකා සංචිත නම් කිරීමත් අදින් අවසන් වන ලකුණු

Date:

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්න්ද වාස් පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීම හේතුවෙන්.

මේ අතර, එළඹෙන කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිත තේරීමේ කටයුතු අද දිනයේ දී අවසන් වීමට නියමිත බව ද වාර්තා වනවා.

අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තේරිම් කම්ටුවේ ඉතිරි වූ සාමාජිකයන් දෙදෙනා වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු දෙදෙනා විසින් මෙම තේරීම් සිදුකරනු ඇති බව සදහන්.

නව තේරීම් කමිටුවක් ද ඉදිරියේ දී පත් කිරීමට නියමිතව තිබෙනවා.

කොදෙව් සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 23 වනදා දිවයිනෙන් පිටත්ව යනු ඇති.

ALSO READ : කොදෙව් සංචාරය තහවුරුයි – කාලසටහනත් ප්‍රකාශයට පත් කෙරේ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...