WTC : ඉන්දියාව දෙක වෙද්දී පෙරමුණේ සිටි එංගලන්තය 4ට ඇද වැටෙයි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් සිව්වන ස්ථානයේ රැදී සිටි ඉන්දියාව එහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අද(16) සමත් වුණා.

ඒ, අද නිමා වූ එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ලැබූ විශිෂ්ඨ ජයත් සමගින්.

ඒ අනුව මෙතෙක් පළමු ස්ථානයේ පසු වූ එංගලන්තයට මේ වන විට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව ඇති අතර, ඔවුන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව  සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2-1ක් හෝ 3-1ක් ලෙස ජය ගත යුතුයි.

එංගලන්තයට ඒ සදහා සුදුසුකම් ලබා ගත හැකි වන්නේ ඔවුන් මෙම තරගාවලිය ඉන්දියාවට එරෙහිව තරග 3-1ක් ලෙස ජය ගත හොත් පමණයි.

එනම් මීළග ටෙස්ට් තරග දෙකම ඔවුන් ජය ගත යුතු වනවා.

මෙම ටෙස්ට් තරගාවලිය තරග 2-1ක් ලෙස එංගලන්තය ජය ගතහොත් හෝ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් (1-1 හෝ 2-2) ඔස්ට්‍රේලියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇති.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...