මොයීන් අලී යළි එංගලන්තයට – අවසන් තරග දෙකත් අහිමි වෙයි

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලීට ඉන්දියාව සමග පැවැත්වෙන තෙවන හා සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

අද නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු සෙසු තරග සදහා සහභාගී නොවී යළි එංගලන්තය බලා පිටත්ව යන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

විවේක ගැනීම සදහා ඔහු එලෙස යළි එංගලන්තය වෙත පැමිණ පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කරනු ඇති බව සදහන්.

මේ අතර, දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

එම සංචිතය සදහා පළමු තරග දෙකෙන් විවේක ගැන් වූ ජොනී බෙයාර්ස්ටව් සහ මාර්ක් වුඩ් කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙණ 24 වනදා අහ්මදාබාද් හී දී ආරම්භ වීමට නියමිතයි.

England squad for Third Test:

Joe Root (c), James Anderson, Jofra Archer, Jonny Bairstow, Dominic Bess, Stuart Broad, Rory Burns, Zak Crawley, Ben Foakes, Dan Lawrence, Jack Leach, Ollie Pope, Dom Sibley, Ben Stokes, Olly Stone, Chris Woakes, Mark Wood.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...