මසූඩ් වෙනුවට රිස්වාන්ට නායකත්වය

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට තරග වදින මුල්ටාන් සුල්ටාන් කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ට හිමිව තිබෙනවා.

ඒ අනුව එළඹෙන තරග වාරයේ සිට ශාන් මසූඩ් වෙනුවට මොහොමඩ් රිස්වාන් එම කණ්ඩායම මෙහෙයවනු ඇති.

මුල්ටාන් කණ්ඩායම පසුගිය තරග වාරයේ දී අවසන් වටය (playoffs) දක්වා රැගෙන යාමට ශාන් මසූඩ් නායකත්වය දෙනු ලැබුවා.

මීට පෙර මොහොමඩ් රිස්වාන් පසුගිය තරග වාරයේ දී ශූරතාවය දිනා ගත් කරච්චි කිංග්ස් කණ්ඩායමයි නියෝජනය කළේ.

කෙසේ වෙතත්, මෙවර තරග වාරය සදහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී මොහොමඩ් රිස්වාන්ව මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වන අදියර එළඹෙන 20 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...