දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 317ක දැවැන්ත ජයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 317ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඉන්දීය කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, චෙන්නායි හි පැවැති දෙවන තරගය ජය ගැනීම සදහා ලකුණු 482ක දැවැන්ත ඉලක්කයක් දෙවන ඉනිමේ දී හඹා ගිය එංගලන්ත කණ්ඩයමේ සියලු දෙනා තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ දී ලකුණු 164කට දැවී යාමත් සමගයි.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවෙමින් මොයීන් අලී පන්දු 18කින් වේගවත් ලකුණු 43ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.

නායක ජෝ රූට් ලකුණු 33කට දැවී ගිය අතර, ඩෑන් ලෝරන්ස් ලකුණු 26ක්, රොරී බර්න්ස් ලකුණු 25ක් සහ ඔලී පෝප් ලකුණු 12ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අක්සාර් පටෙල් කඩුලු 5ක් දවා ගත්තා.

පළමු ඉනිමේ දී කඩුලු 5ක් දවා ගත් රවිචන්ද්‍රන් අශ්වින් දෙවන ඉනිමේ දී බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 329ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ ලකුණු 134ක් පමණයි.

අනතුරුව රවිචන්ද්‍රන් අශ්වින්ගේ ශතකයෙන් සවිමත් වෙමින් ඉන්දියාව සිය දෙවන ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 286ක්.

තරගයේ වීරයා ලෙස ද අශ්වින් සම්මානයෙන් පිදුම් ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය ලබන 24 වනදා අහ්මදාබාද්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...