ඉන්දියාව ලකුණු 249ක් ඉදිරියෙන් – Day 2 Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(14) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියාව දෙසට නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54ක්.

රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 25ක් සහ චෙටස්වර් පුජාරා නොදැවී ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ෂුබ්මන් ගිල් ලකුණු 14කට දවා ගැනීමට ජැක් ලීච් සමත් වුණා.

අද දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 329කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

සිය 6 වන ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කළ රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 58ක් රැස් කළා.

අක්සාර් පටෙල් ලකුණු 5කටත්, ඉෂාන්ට් ෂර්මා සහ කුල්දීප් යාදෙව් ලකුණු නොලබාත් අද දිනයේ දී දැවී ගිය අතර, මොහොමඩ් සිරාජ් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රෝහිට් ෂර්මා ලකුණු 161ක් සහ අජින්කෙයා රහානේ ලකුණු 67ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොයීන් අලී කඩුලු 4ක් දවා ගත් අතර, ඔලී ස්ටෝන් කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස එංගලන්ත පළමු ඉනිම ලකුණු 134කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

බෙන් ෆෝක්ස් නොදැවී ලකුණු 42ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 5ක් දවා ගත්තා.

ඉෂාන්ට් ෂර්මා සහ අක්සාර් පටෙල් අතරේ ද කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව මේ වන විට ඉන්දියාව සිය දෙවන ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 249ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...