බංග්ලාදේශය පරදා කොදෙව්වන්ට තියුණු හා ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

Date:

බංග්ලාදේශය සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගනිමින් 2012 වසරෙන් පසුව ආසියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවන තරගයෙන් ඔවුන් ලකුණු 17ක තියුණු ජයක් වාර්තා කරමින්.

මීර්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා දෙවන ඉනිමේ දී බංග්ලාදේශයට ලකුණු 231ක ඉලක්කයක් හිමි වූ නමුත් ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 213ක් පමණයි.

ටමිම් ඉක්බාල් ලකුණු 50කට දැවී ගිය අතර, මෙහිදි හසාන් සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස් කළ ද එය බංග්ලාදේශයේ ජයග්‍රහනයට ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ කඩුලු 5ක් දවා ගත් Rahkeem Cornwall දෙවන ඉනිමේ දී කඩුලු 4ක් බිද හෙලමින් කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන ගියා.

Jomel Warrican සහ Kraigg Brathwaite අතරේ ද කඩුලු 3 බැගින් බෙදී ගියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 409ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 296ක් පමණයි.

අනතුරුව කොදෙව් දෙවන ඉනිම ලකුණු 117කට සීමා වීම විශේෂත්වයක්.

Nkrumah Bonner ලකුණු 38ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස Rahkeem Cornwall සම්මාන දිනා ගත් අතර, තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ Nkrumah Bonner.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...