නවසීලන්ත 20යි 20 සංචිතය නම් කෙරේ – ගප්ටිල් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට

Date:

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා අමතර ක්‍රීඩකයෙකු ලෙස ෆින් ඇලන් (Finn Allen) නම් කර ඇත්තේ ආබාධයකට ලක්ව සිටින මාර්ටින් ගප්ටිල් වෙනුවට අවශ්‍ය වුවහොත් යොදා ගැනීම සදහායි.

ගප්ටිල් ඉදිරියේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සදහා මුහුණ දීමට නියමිතව සිටින බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 22 වනදා ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand T20I Squad:

Kane Williamson (c), Martin Guptill, Tim Seifert, Devon Conway, Glenn Phillips, Mark Chapman, Jimmy Neesham, Mitchell Santner, Ish Sodhi, Kyle Jamieson, Tim Southee, Trent Boult, Hamish Bennett, Finn Allen (standby)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...