රසල් ඇතුළු තවත් හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයින් යුගලයක් ‍යළි ක්‍රිකට් පිටියට

Date:

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු ප්‍රවීන ක්‍රීඩකයන් පෙරදැරි කරගෙන පසුගිය වසරේ ඉන්දියාවේ පැවති “Road safty world series T20” තරගාවලිය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අතරමගදී නතර කිරීමට සිදුවුණා.

නොබෝ දිනකින් මෙම වසරේදී ද එම තරගාවලිය නැවත වරක් පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර ඇති බව අප  ඔබට මීට පෙර වාර්තා කළා.

මෙවර තරගාවලිය සදහා ගියවර සහභාගී නොවූ ක්‍රීඩකයන්ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රසල් ආර්නල්ඩ් ද මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව සදහන්.

එමෙන්ම මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ශ්‍රී ලංකා සුපිරී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ද මෙවර තරගාවලියේදී Sri Lanka Legends කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවටයි වාර්තා පල වන්නේ.

වසර කිහිපයක සිට නුවන් කුලසේකර යළි ක්‍රිකට් පිටියේ දැක බලා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ප්‍රේක්ෂකයන්ට මෙය සුබ ආරංචියක් වනු නිසැකය.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ද අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව සදහන්.

“Road safty world series T20” තරගාවලියේ පැවැත්වීමට නොහැකි වූ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...