තෙවන විනිසුරුට වැරදුණු ආන්දෝලනයට තුඩු දුන් තීරණය

Date:

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී තෙවන විනිසුරු විසින් ලබා දුන් වැරැදි තීරණයක් සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.

අජින්කෙයා රහානේ උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවට එංගලන්ත ක්‍රීඩකයින් විසින් ඉනිමේ 75 වන පන්දුවාරයේ දී විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු කළා.

කෙසේ වෙතත්, එය දැවීයාමක් නොවන බවට විනිසුරු විසින් තීරණය කළ අතර, පසුව එංගලන්ත කණ්ඩායම විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාව ලබා ගත්තා.

එහිදී තෙවන විනිසුරු ද තීරණය කළේ පන්දුව පිත්ත පසු කරන පළමු අවස්ථාවේ දී පන්දුව පිත්තේ නොගැටෙන බවයි.

ඒ අනුව රහානේ දැවී නොගිය පිතිකරුවෙකු ලෙස තෙවන විනිසුරු ද තීරණය කළා.

කෙසේ වෙතත්, පසුව පුනරූපනවලින් දක්නට ලැබුණේ පන්දුව forward short leg හි පන්දු රකිමින් සිටි ඔලී පෝප්ගේ අතට ඇදී යාමට පෙර එය පිතිකරුවාගේ අත් ආවරණයෙහි ගැටෙන බවයි.

මෙම වැරැදි විනිසුරු තීරණය හේතුවෙන් එංගලන්තය අහිමි වූ විනිසුරු තීරණ නැවත විමසීමේ (DRS) අවස්ථාව යළි ඔවුන්ට ලබා දීමට ද පසුව කටයුතු කෙරුණා.

මෙම සිදුවීමෙන් පන්දු 6කට පසුව අජින්කෙයා රහානේ දැවී යාම ද විශේෂත්වයක්.(දැවී යාමේ දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න)

කෙසේ වෙතත්, අදාළ වැරැදි විනිසුරු තීරණය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව දැඩි අප්‍රසාදය පල කරනු දක්නට ලැබෙනවා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...