ඉන්දියාව 329කට සීමා වෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි(14).

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 329කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

සිය 6 වන ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කළ රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 58යි.

අක්සාර් පටෙල් ලකුණු 5කටත්, ඉෂාන්ට් ෂර්මා සහ කුල්දීප් යාදෙව් ලකුණු නොලබාත් අද දිනයේ දී දැවී ගිය අතර, මොහොමඩ් සිරාජ් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රෝහිට් ෂර්මා ලකුණු 161ක් සහ අජින්කෙයා රහානේ ලකුණු 67ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොයීන් අලී කඩුලු 4ක් දවා ගත් අතර, ඔලී ස්ටෝන් කඩුලු 3ක් බිද හෙලුවා.

ඊට අමතරව ජැක් ලීච් කඩුලු 2ක් සහ ජෝ රූට් එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...