කොදෙව්වන් ලකුණු 154ක් ඉදිරියෙන් – Day 3 Report

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (13) නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලකුණු 41ක් ලබා සිටියා.

මීර්පූර්හී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 409ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 296ක් පමණයි.

කොදෙව් පළමු ඉනිම වෙනුවෙන් ජොශුවා ද සිල්වා ලකුණු 92ක්, Nkrumah Bonner ලකුණු 90ක් සහ අල්සාරි ජෝෂප් ලකුණු 82ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් අබු ජයිඩ් සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 4 බැගින් දවා ගත්තා.

බංග්ලාදේශ පළමු ඉනිම ශක්තිමත් කළ ලිටොන් දාස් ලකුණු 71ක් රැස් කළ අතර, මෙහිදි හසාන් ලකුණු 57යි.

පන්දු යැවීමේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Rahkeem Cornwall කඩුලු 5ක් බිද හෙලුවා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට ලකුණූ 154ක් ඉදිරියෙන් පසුවනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...