පාකිස්තානයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අද(13) පැවැති දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පකිස්තාන කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 144ක් ලබාගැනීමට සමත් වුණා.

පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 51ක්ද, ෆහීම් අෂ්රෆ් නොදැවී ලකුණු 30ක්ද, ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 20ක්ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩ්වයින් ප්‍රෙටෝරියස් ලකුණු 17කට කඩුලු පහක් දවා ගැනීම විශේෂත්වයක්.

ලකුණු 145ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16.2කදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා.

රීසා හෙන්ඩ්‍රික්ස් සහ Pite van Biljon ලකුණු 42 බැගින් රැස් කළ අතර, නොදැවී පන්දුවට පහර දුන් ඩේවිඩ් මිලර් ලකුණු 25ක් ලබා ගත්තා.

නායක හෙන්රිච් ක්ලාසීන් (Heinrich Klaasen) නොදැවී ලකුණු 17යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් මේ වන විට තරගාවලියේ සම තත්ත්වයක පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...