රූට් – පාන්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට – කෝලි අභිබවා ලබුෂේන් ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.

ඒ, නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත සහ ඉන්දු – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගවලදී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

ඒ අනුව එංගලන්ත නායක ජෝ රූට් සහ ඉන්දියාවේ රිෂාබ් පාන්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ගාලු ටෙස්ට් තරගයේ දී ලබා ගත් ද්විත්ව ශතකය හේතුවෙන් රූට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 6කින්.

බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ දී සුවිශේෂී ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 89ක් ලබා ගත් ඉන්දියාවේ රිෂාබ් පාන්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම රැදී සිටින කඩුලු රකින ක්‍රීඩකයා ද වනවා.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා එක් පියවරක් ඉදිරියට පැමිණ ඇත්තේ විරාට් කෝලි සිව්වන ස්ථානයට පත් කරමින්.

පිතිකරණ ශ්‍රේණිගත කිරීම් –

ICC

පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...