ටෙස්ට් පිටියේ පන්දු යවන්න සූදානම් : මැතිව්ස්

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අවශ්‍ය වුවහොත් පන්දු යැවීමෙන් ද දායකත්වය ලබා දීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

ඒ, අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පසුගිය දිනවලදී තමා පුහුණුවීම් සිදු කිරීමේ දී ද පන්දු යැවීමෙහි නිරත වූ බවයි මැතිව්ස් කියා සිටියේ.

“පුහුණුකරු ඒ ගැන මට කතා කරා. පන්දුවාර 5ක් විතරවත් යවලා දෙන්න පුලුවන් ද කියලා ඇහුවා. මම කීවා අනිවාර්යයෙන් මට පුලුවන් කියලා.” යනුවෙන් මැතිව්ස් කියා සිටියා.

“එක්දින සහ 20යි 20 තරගවලදීත් මම පන්දු යැව්වා පසුගිය කාලයේ දී .පුහුණුකරු පන්දුවාර 10ක් 15ක් ඉල්ලන්නෙ නැහැ. පන්දුවාර 3ක් 4ක් තමයි ඉල්ලන්නෙ. ඉතිං ඒ දේනුත් දායකත්වය දෙන්න පුලුවන්නම් මම අනිවාර්යයෙන්ම ලබා දෙනවා.”

එළඹෙන 22 වනදා දෙරට අතර ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ජයගත හැකි බවට විශ්වාස කරන බව ද මෙහිදී ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කළා.

පිතිකරණයේ දී විවිධාකාර පීඩන තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බවත්, පිතිකරුවෙකු පරිණතභාවයට පත් වන්නේ එවැනි අවස්ථාවලට මුහුණ දීමෙන් බවත් මැතිව්ස් අවධාරණය කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...