ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4ක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) ප්‍රකාශයට පත් කෙරුණු නවතම ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව එංගන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් පෙරේරා 47 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එම තරගයේ දී ශතකයක් ලබා ගත් ළහිරු තිරිමාන්න 87 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 12කින්.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලසිත් ඇඹුල්දෙණිය 47 වන ස්ථානය දක්වා ස්ථාන 6කින් ද, අසිත ප්‍රනාන්දු 96 වන ස්ථානය දක්වා ස්ථාන 11කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...