ඉන්දියාව ජයග්‍රහනයට ලකුණු 324ක් පිටුපසින්

Date:

බෝර්ඩර් – ගවස්කාර් කුසලානය වෙනුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි හා අවසන් තරගයේ සිව්වැනි දිනය අද(18) නිමා වුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 72කට ආසන්න ප්‍රමාණයක් පමණයි.

දිනය නිමා වන විට ලකුණු 328ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 4ක් ලබා සිටියා.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 294ක්.

ආරම්භක කඩුල්ල සදහා ඩේඩිව් වෝනර් සහ මර්කස් හැරිස් ලකුණු 89ක සබදතාවයක් ගොඩ නැගූ අතර, හැරිස් 38කටත්, වෝනර් ලකුණු 48කටත් දැවී ගියා.

ස්ටීවන් ස්මිත් ලකුණු 55ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 37ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 5ක් දවා ගත් අතර, ශර්දුල් තාකූර් කඩුලු 4ක් බිද හෙලුවා.

බ්‍රිස්බේන්හි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 369ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව ලකුණු 336ක් රැස් කළා.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා හෙට දිනයේ දී ඉන්දියාව කඩුලු 10ක් අතැතිව තවත් ලකුණු 324ක් ලබා ගත යුතුයි.

වර්ෂාවෙන් සිදු වූ බාධා වීම හේතුවෙන් හෙට දිනයේ දී පන්දුවාර 98ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ වන විට ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වන අතර, මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට බෝර්ඩර් – ගවස්කාර් කුසලානය හිමි වනු ඇති.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම 1988 වසරෙන් පසුව මෙතෙක් බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත් වී නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...