ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයෙන් ඉන්දියාව ඉවත් වෙයි

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඉන්දියාව අවධානය යොමු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ දී පැවැත්විමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසරේ ජූනි මාසය දක්වා කල් දැමීමටයි මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ.

කෙසේ වෙතත්, ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ද එම කාලයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විටත් ඉන්දියාව එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ සටනෙහි නිරතවෙමින් සිටිනවා.

ඔවුන් ඒ සදහා සුදුසුකම් ලබා නොගතහොත්, පසුගිය වසරේ දී කල් දැමීමට කටයුතු කෙරුණු ද්විපාර්ශ්වික තරගාවලි ජූනි මාසයේ දී ක්‍රීඩා කිරීමටයි ඉන්දියාව මේ වන විට අවධානය යොමු කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන කණ්ඩායම් ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට ඉඩ ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මීට පෙර පාකිස්තානයට හිමිව තිබූ නමුත්, එය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි පසුගිය වසරේ දී තීරණය කෙරුණේ.

ඒ වෙනුවට 2022 වසරේ මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය වෙත හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...