තිරිමාන්නගෙන් අනවශ්‍ය වාර්තාවක්

Date:

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්න ඊයේ(17) දිනයේ දී සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් අනවශ්‍ය වාර්තාවකට හිමිකම්කීමට සමත් වුණා.

ඒ, ටෙස්ට් ශතක දෙකක් අතර වැඩිම ඉනිම් සංඛ්‍යාවක පරතරයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වෙමින්.

ඔහු සිය පළමු ටෙස්ට් ශතකය 2013 වසරේ දී වාර්තා කර තිබූ අතර, එතැන් සිට දෙවැනි ටෙස්ට් ශතකය ඊයේ දිනයේ වාර්තා කිරීම සදහා සදහා ළහිරු තිරිමාන්නට තවත් ඉනිම් 54ක් ක්‍රීඩා කිරීමට සිදුව තිබුණා.

එම ශතක දෙක අතර දින පරතරය සටහන් වන්නේ දින 2869ක් ලෙසයි.

මීට පෙර රොෂාන් මහානාම සිය 3 වැනි ටෙස්ට් ශතකයේ සිට 4 වැනි ශතකය වාර්තා කිරීම සදහා ඉනිම් 43ක් ක්‍රීඩා කර තිබුණා.

රසල් ආර්නල්ඩ් සිය දෙවන ශතකයේ සිය 3 වැනි ශතකය වාර්තා කිරීම සදහා ද ක්‍රීඩා කර තිබූ ඉනිම් සංඛ්‍යාව 43ක්.

ඇන්ජෙලෝ මැතිව්ස් සිය 7 වැනි ශතකයේ සිට 8 වැනි ශතකය වාර්තා කිරීම සදහා ඉනිම් 36ක් වැය කරමින් අදාළ ලැයිස්තුවේ 4 වැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...