එංගලන්තය අඛණ්ඩව පස් වැනි වරටත් මෙරට දී ශ්‍රී ලංකාව පරදයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ගාල්ලේ පැවැති තරගයේ අවසන් දිනය වූ අද(18) දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිමේ දී ලකුණු 74ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 3ක් පමණක් දැවී ජය තහවුරු කර ගත්තා.

ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු 35ක් සහ ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 21ක් රැස් කළා.

ලකුණු 14කට කඩුලු 3ක් දැවී ගොස් තිබූ අවස්ථාවක ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 62ක්.

ඩෑන් ලෝරන්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීම සදහා ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමි වුවද විනිසුරු විසින් ඔහු නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් කිරීම හමුවේ ඔහුව දවා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වුණා.

එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා නොගැනීම මවිතයට කරුණක්.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2ක් දවා ගත්තා.

ගාල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 135ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 421ක් ලබා ගත්තා.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 359ක්.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ එංගලන්ත නායක ජෝ රූට්.

මෙය ශ්‍රී ලංකාවේ දී එංගලන්ත කණ්ඩායම අඛණ්ඩව ජය ගත් පස් වැනි ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වනදා ගාල්ලේ දී ම ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...