රුට්ගෙන් ද්විත්ව ශතකයක් – එංගලන්ත පළමු ඉනිම ලකුණු 421

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.(16)

දිනය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 320ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 421ක්.

ඉනිම ශක්තිමත් කළ නායක ජෝ රූට් සිය 4 වැනි ද්විත්ව ශතකය වාර්තා කරමින් ලකුණු 228ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් සහ හයේ පහරක් ඇතුලත් වූ අතර, එය ජෝ රූට් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ දෙවැනි ද්විත්ව ශතකය වීම ද විශේෂත්වයක්.

එමෙන්ම එංගලන්ත පිතිකරුවෙකු මෙරට දී වාර්තා කළ පළමු ද්විත්ව ශතකය ද එයයි.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඩෑන් ලෝරන්ස් (Dan Lawrence) ලකුණු 73ක්, ජොනී බෙයාර්ස්ටොව් ලකුණු 47ක් සහ ජොස් බට්ලර් ලකුණු 30 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් බිද හෙලුවා.

අසිත ප්‍රනාන්දු පිට පිට පන්දු දෙකකින් ජොස් බට්ලර් සහ සෑම් කරන් දවා ගැනීමට සමත් වුණා.(දර්ශන පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 135ක්.

ඒ අනුව එංගලන්තය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 286ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...