දෙදෙනෙකුට කොරෝනා වැළදීමෙන් ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියට තවත් බාධාවක්

Date:

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට යළිත් වරක් කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාලු ප්‍රදේශයේ හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමගයි.

කෙසේ වෙතත්, අදාළ සේවකයින් දෙදෙනා එංගලන්ත ක්‍රීඩකයින් සමග සෘජු සබදතාවයක් පවත්වා නොමැති බවයි එරට ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

මෙම සිද්ධීයෙන් කණ්ඩායමේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සියලු ක්‍රීඩකයින් වෙනුවෙන් ඉතා ඉහළ මටටමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එංගලන්ත කණ්ඩායමේ නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරය ද අතරමගදී අත්හිටුවිමට සිදු වුණේ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

මේ අතර, මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනු එංගලන්ත ක්‍රීඩක මොයීන් අලී තවදුරටත් වෙනත් හෝටලයක නිරෝධායනය වෙමින් සිටිනවා.

එංගලන්ත ක්‍රීඩකයින් වෙනුවෙන් අවසන් වරට කොරෝනා වෛරසයට අදාළ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ඇත්තේ පසුගිය 12 වනදා වන අතර, යළි ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව ඇත්තේ ලබන අගහරුවාදායි.

කෙසේ වෙතත්, නවතම තත්ත්වයත් සමග එම දිනයෙහි වෙනසක් ද සිදු විය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...