රූට්ගේ ශතකය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 185ක් පසුපසට – 3 වැනි දිනයේ ආරම්භක වේලාවේ වෙනසක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(15) නිමා වුණා.

වර්ෂාව හේතුවෙන් පැයක පමණ කාලයක් ප්‍රමාද වී අද දිනට තරගය ආරම්භ වූ අතර, වර්ෂාව හේතුවෙන් තේ පානයෙන් පසුව ද තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව අද දිනය ආරම්භ කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 127ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 320ක්.

එංගලන්ත ඉනිම ශක්තිමත් කරමින් සිය 18 වන ටෙස්ට් ශතකය වාර්තා කළ නායක ජෝ රූට් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 168ක්.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඩෑන් ලෝරන්ස් (Dan Lawrence) ලකුණු 73ක් රැස් කළ අතර, ජොනී බෙයාර්ස්ටොව් ලකුණු 47යි.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹූල්දෙණිය කඩුලු 3ක් සහ දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව මේ වන විට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 185ක්.

වර්ෂාවෙන් අද දිනයේ දී තරගයට වූ බලපෑම හේතුවෙන් හෙට දිනය සදහා තරගය පෙරවරු 9.45ට ආරම්භ කිරීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 135ක්.

දිනේෂ් චන්දිමාල් ලකුණු 28ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඩොම් බෙස් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත් අතර, ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...