ඉන්දියාව ලකුණු 307ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද නිමා වුණා.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේ තේ පානයෙන් අනතුරුව තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 62ක්.

රෝහිට් ෂර්මා ලකුණු 44කට දැවී ගියා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් සහ නේතන් ලියෝන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

බ්‍රිස්බේන්හි පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 369ක්.

මර්නස් ලබුෂේන් ලකුණු 108ක්, නායක ටිම් පේන් ලකුණු 50ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 47ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් ටී. නටරාජන්, ශර්දුල් තාකූර් සහ වොෂින්ටන් සුන්දර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 307ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...