4 වැනි වරටත් එක්සත් අරාබි – අයර්ලන්ත දෙවැනි තරගය කල් දැමේ

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එය මෙම තරගාවලියේ දී තරගයක් අත්හිටුවීමට කටයුතු කෙරුණු සිව්වන අවස්ථාවයි.

අද(16) පැවැත්වීමට නියමිත වූ දෙවැනි එක්දින තරගය මෙලෙස කල් දමා ඇති අතර, එය ලබන සදුදා (18) පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

දෙරට අතර පළමු තරගය පසුගිය 8 වනදා පැවැති නමුත්, සෙසු තරග කිසිවක් මෙතෙක් පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඒ, මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇති බැවින්.

ඒ අනුව මීට පෙර අවස්ථා 3කදී දෙවැනි එක්දින තරගය කල් දැමීමට පියවර ගෙන තිබූ අතර, අද පැවැත්වීමට නියමිත වූ තරගය ද කල් දැමීමත් සමග අවස්ථා 4කදී දෙවැනි තරගය කල් දැමීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...