99න් බේරුණු රූට් ශතකය පසු කරයි

Date:

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් අද(15) සිය 18 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දීයි.

එහිදී එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළ ඔහු පන්දු 163කින් සිය ශතකය වාර්තා කළා.

ඔහු මෙම ඉනිමේ දී ඉතා සංයමයකින් යුතුව පන්දුවට පහර දුන් අතර, වැරැදි පහරවල් තෝරා නොගනිමින් ඉතා විශිෂ්ඨ අන්දමින් පන්දුවට පහර දීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද ආදර්ශයක් බවට පත් වුණා.

කෙසේ වෙතත්, අද දිනයේ යවනු ලැබූ දෙවැනි පන්දුවේ දී ජෝ රූට්ගේ කඩුල්ල දවා ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා ආසන්න අවස්ථාවක් හිමි වුණා.

එම පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට ඔහුව හසු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක නොවූයේ විනිසුරු කුමාර ධර්මසේන විසින් ජෝ රූට් නොදැවුණු පිතිකරවෙකු ලෙස නම් කිරීම හේතුවෙන්.

එම අවස්ථාවේ දී විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ද යොදා ගනිමින් ශ්‍රී ලංකාව ඔහුගේ කඩුල්ල ලබා ගැනීම සදහා උත්සාහයක නිරත වූ නමුත් එය ද අසාර්ථක වූයේ ඉතාමත් අවාසනාවන්ත ලෙසයි.

ඒ වන විට රූට් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 66ක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...