ලබුෂේන්ගේ ශතකයෙන් පළමු දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(15) බ්‍රිස්බේන්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු නායක ටිම් පේන් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, ඩේවිඩ් වෝනර් එක් ලකුණකටත්, මර්කස් හැරිස් ලකුණු 5කටත් දවා ගනිමින්.

නමුත් ඔස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම බවට පත් වූ මර්නස් ලබුෂේන් සිය පස් වන ශතකය වාර්තා කරමින් පළමු දිනයේ වැඩි ගෞරව සිය කණ්ඩායම වෙත හිමි කර දුන්නා.

ලබුෂේන් ලකුණු 108කට දැවී ගියේ හතරේ පහර 9ක් ඉනිමට එක් කරමින්.

මැතිව් වේඩ් ලකුණු 45ක් සහ ස්ටීව් ස්මිත් ලකුණු 36ක් රැස් කළා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක ටිම් පේන් ලකුණු 38ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 28ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 274ක්.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ටී.නටරාජන් කඩුලු 2ක් බිද හෙලූ අතර, මොහොමඩ් සිරාජ්, ශර්දුල් තාකූර් සහ වොෂින්ටන් සුන්දර් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ආබාධවලට ලක්වීම හේතුවෙන් තෙවැනි තරගයට ක්‍රීඩා කළ රවීන්ද්‍ර ජඩේජා, හනුමා විහාරි, ජස්ප්‍රිට් බුම්රා සහ රවිචන්ද්‍රන් අශ්වින් මෙම තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

එමෙන්ම අද දිනයේ දී නව්දීප් සයිනි ද ආබාධයකට ලක්වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...