PSL ක්‍රීඩකයින් තේරීමේ අවස්ථාවට ධනංජය ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක්

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරිම (draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු හෙට(10) ලාහෝර් හී දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා රටවල් 20කින් විදෙස් ක්‍රීඩකයින් 400 දෙනෙකු පමණ ඉදිරිපත්ව සිටින බව සදහන්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමට ඉහළම වටිනාකමකින් යුත් විදෙස් ක්‍රීඩකයින්ගේ ඛාණ්ඩයෙන් (Platinum category) ඉදිරිපත්ව සිටින විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 25ක්.

ඊට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා සහ ඉසුුරු උදාන ද ඇතුළත්.

ALSO READ : PSL ඉහළම මිල සහිත ඛාණ්ඩයට අයත් ක්‍රීඩක ලැයිස්තුව මෙතනින්

Diamond ඛාණ්ඩය යටතේ මෙවර ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, ඕෂද ප්‍රනාන්දු, සීක්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල් යන අයයි.

ALSO READ : සීක්කුගේ ප්‍රසන්න පාකිස්තාන සුපර් ලීගයෙන් නිදහස් කෙරේ – රදවාගත් ක්‍රීඩක ලැයිස්තුව මෙතනින්

Gold ඛාණ්ඩය යටතේ ඉදිරිපත්ව සිටින්නේ ඇන්ජෙලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, ධම්මික ප්‍රසාද්, ධනංජය ලක්ෂාන්, කුසල් පෙරේරා, ළහිරු මදුෂංක, ලක්ෂාන් සදකැන්, මිනෝද් භානුක, රොමේෂ් එරංග, සධීර සමරවික්‍රම, උපුල් තරංග, වනිදු හසරංග යන ක්‍රීඩකයින්.

අෂාන් ප්‍රියන්ජන්, බිනුර ප්‍රනාන්දු, චාමර කපුගෙදර, චරිත් අසලංක,චතුරංග ද සිල්වා, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, ඩිල්ෂාන් මුණවීර, දිමුත් කරුණාරත්න, කමිදු මෙන්ඩිස්, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, මහේල උඩවත්ත, නුවන් තුෂාර, රුවිදු ගුණසේකර, සචිදු කොළඹගේ, සහන් ආරච්චිගේ, තික්ෂිල ද සිල්වා යන ක්‍රීඩකයින් Silver ඛාණ්ඩයට අයත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...