ජඩේජාට තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වන ලකුණු

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ආබාධයකට ලක් වූ රවීන්ද්‍ර ජඩේජාට එම තරගයේ දී යළි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

එමෙන්ම දෙරට අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් තරගය සදහා ද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇති බවයි වාර්තා වන්නේ.

තරගයේ තෙවැනි දිනයේ දී මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවක් පිතිකරණයේ නිරත වෙමින් සිටියදී රවීන්ද්‍ර ජඩේජාගේ වම් මාපටැගිල්ලෙහි වැදීමෙන් මෙම ආබාධය සිදු වුණා.

අනතුරුව ඔහු ඉන්දී්‍ය ඉනිම අවසන් වන තුරු පන්දුවට පහරදුන් නමුත්, ඔස්ට්‍රේ‍ලියානු දෙවැනි ඉනිමේ දී පන්දු රැකීම සදහා ජඩේජා එක් වූයේ නැහැ.

ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර තිබූ අතර, ඔහුගේ වම් මාපටැගිල්ලෙහි අස්ථි බිදීමක් සිදුව ඇති බවටයි වාර්තා වනනේ.

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ද පිතිකරණයේ නිරත වෙමින් සිටියදී පන්දුවක් වම් අතෙහි වැදීමෙන් ආබාධයකට ලක් වූ අතර, ඔහු ද වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කෙරුණා.

ඔහු වෙනුවට ව්රිධිමන් සහා ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ දී කඩුලු රැකීමේ කාර්යය සිදු කළ නමුත්, ඉන්දීය දෙවැනි ඉනිමේ දී රිෂාබ් පාන්ට් පන්දුවට පහර දෙනු ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...