අවිශ්කට එංගලන්ත තරගාවලිය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන්.

එංගලන්ත තරගාවලිය සදහා පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් 22 දෙදෙනා අතරට ඔහු ඇතුළත්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත්, නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ලක්වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට ආදේශ කිරීමටයි තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබුණේ.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...