80/5 න් පසු මාෂ් – කෙරී සම්බන්ධය ඔස්ට්‍රේලියාවට නොසිතූ ජයක් ගෙනෙයි

Date:

නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු තුනක තියුුණු හා සුපිරි ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(11) සමත් වුණා.

ක්‍රයිස්චර්ච්හි පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 279 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 77 ක් ලබා අසීරු තත්ත්වයක පසු වූ නමුත්, ඔවුන් කඩුලු 7ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම කැපී පෙනුණා.

ඉනිමේ 5 වැනි කඩුල්ල දැවී යන විට ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 80 ක් ලෙසයි. කෙසේ වෙතත්, අනතුරුව 6 වැනි කඩුල්ල සදහා මිචෙල් මාෂ් හා ඇලෙක්ස් කෙරී ලකුණු 140 (174) ක අගනා සම්බන්ධතාවයක් පිහිටුවමින් ඔස්ට්‍රේලියාව යළි සටනට අවතීර්ණ කළා.

නමුත්, මාෂ් ලකුණු 80 කටත්, මිචෙල් ස්ටක් පළමු පන්දුවෙනුත් දවා ගනිමින් බෙන් සියර්ස් නවසීලන්තයට යළි බලාපොරොත්තුවක් ගෙන ඒමට සමත් වුණා.

අනතුරුව කෙරී සමග පිටියේ එක් වූ නායක පැට් කමින්ස් 8 වැනි කඩුල්ලට ලකුණු 61* (64)ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ඇලේක්ස් කෙරී නොදැවී ලකුණු 98 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඔහු මෙම තරගයේ දී උඩ පන්දු 10 ක් ද රැක ගත්තා. කමින්ස් නොදැවී ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ බෙන් සියර්ස් කඩුලු 4 ක් දවා ගත්තා. මැට් හෙන්රි බිද හෙලූ කඩුලු ගණන 2ක්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 162 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 256 ක් රැස් කළා. නවසීලන්තය දෙවැනි ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 372 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...