පවන්ගේ ශතකය හමුවේ NSL එක්දින ශුරතාවය දඹුල්ලට

Date:

2024 නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් මහනුවර කණ්ඩායම පරදා ලකුණු 19 ක තියුණු ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 332 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 නිමා කළා.

විශිෂ්ඨ ශතකයක් වාර්තා කළ පවන් රත්නායක නොදැවී ලකුණු 118 ක් ලබා ගත්තේ පන්දු 108 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

සනෝජ් දර්ශික ලකුණු 73(73) ක් හා මිනෝද් භානුක ලකුණු 69(62) ක් රැස් කළා. ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 36යි.

පන්දු යැවීමේ දී පුලින තරංග ලකුණු 68 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමට පන්දුවාර 45.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 313 ක් පමණයි.

කමිල් මිෂාර ලකුණු 94(95) ක් හා ලහිරු උදාර ලකුණු 86(50) ක් ලබා ගනිමින් මුල්පෙල ශක්තිමත් කළ නමුත්, එය ජයග්‍රහනයට ප්‍රමාණවත් වූයේ නැහැ. මිෂාරගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් අතර, උදාරගේ ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 10 කින් වර්ණවත් වුණා. වනුජ සහන් නොදැවී ලකුණු 44(37) යි.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත හා අයන සිරිවර්ධන කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, මොහමඩ් ශිරාස් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...